Complete Guide to Star Trail Photography - සිංහලෙන්

Published on 3 May 2020 at 00:39

මේ දවස් වල හැමෝම කතා වෙන topic එකක් තමයි Astro photography.  ඉතින් ගොඩක් Milky way photos මේ දවස්වල ඔයාල දකින්න ඇති. මම අද කියන්න යන්නේ milky way ගැන නම් නෙමෙයි, හැබැයි Astro වල තවත් ලස්සන shoot එකක් ගැන. ඒ තමයි star trail photography. 

Star trails කියන්නේ මොනාද?

Star trails කියන්නේ අපි long exposure එකක් ගන්න කොට තරු ගමන් කිරීම නිසා එන motion effect එක. හැබැයි මෙතැනදී ඇත්තටම වෙන්නේ අපි ඉන්න පෘතුවිය තම අක්ෂය වටේ කැරකෙන එක. මෙතැනදී සාපේක්ෂව අපිට පේන්නේ තරු අහසේ ගමන් කරනවා වගේ.

How to capture star trails........

# 1  Shot එක plan කරන්න:

Astro-photography පවතින ආලෝකය, කාලගුනය මත ගොඩක් depend වෙන නිසා හොඳට plan කරන්න වෙනව.

Location:
Astro වලට location එකක් තෝරගන්න කොට වැදගත්ම දේ light pollution අඩු තැනක් හොයා ගන්න එක. පරිසරයේ පවතින ආලෝකය වැඩි වෙන කොට අහසේ තරු පෙනීම අඩුවෙනව. ඒ නිසා light pollution අඩු location එකක් තෝර ගන්න. ඔයාට මේකට app එකක් use කරන්න පුලුවන්. Light pollution map app එක android and iOS වලට download කරගන්න පුලුවන්. මේ විදියට කලුවර අහසක් තෝරා ගැනීම ඉතාමත් වැදගත්.

තවත් වැදගත් දෙයක් තමයි ඔයාගෙ location එකට ආලෝකය තියෙන්න වෙලවක පුලුවන්නම් කලින් යන්න. මොකද රෑට ඔය location එක full dark හින්ද එතන තියෙන අනතුරු වගේ දෙවල් ඔයාට හානිකර වෙන්න පුලුවන්. එක නිසා පේන වෙලාවක ගිහින් location එක, composition එක study කරන්න.

 

Moon phase එක:

Astro වල වැදගත්ම දෙයක් තමයි හඳ මොන අවදියේ තියෙනවාද කියන එක. මොකද හඳ සම්පුර්ණයෙන් පායලා තිබුනොත් අහස එලිය නිසා තරු අඩුවන් තමයි පේන්නෙ. හැබයි එකෙන් කියන්නෙ නෑ හඳ තියෙන රෑක Astro photos ගන්න බෑ කියල! හබැයි හඳ අඩු වෙන තරමට අහස කලුවර නිසා අපේ වැඩේ ලේසි වෙනව. Milky way ගත්තත් trails ගත්තත් වැඩේ ලේසි කරගන්න අපිට PhotoPills app එක use කරන්න පුලුවන්. පහත image එකේ පෙන්නල තියෙන්නෙ PhotoPills app එකේ moon phase calendar එක.

 

ඒ වගේම shoot එක කරන දවසෙ moon rise and set time වගෙ ගොඩක් information මේ app එකෙන් බලන්න පුල්වන්.

 

කාලගුණය / weather forecast:

ඕනෑම photo එකක් ගන්න කොට කාලගුණය ගැන දැනීමක් තියාගන්න. වැස්ස විතරක් නෙමෙයි, අහසෙ වලාකුලු වැඩි උනොත් තරු වැහිල යනව, ඒ ගැනත් පොඩ්ඩක් බලන්න වෙනව. අර කලින් කියුව light pollution map app එකේ cloud cover එක ගැනත් details තියෙනව. (හැබයි ඒක pro feature එකක් නිසා ගෙවීමක් කරන්න වෙනව)


# 2 Gear and other equipment:

  1. Camera: manual mode තියෙන camera එකක් මේ වැඩේට ඕනේ කරනවා. ඒ කියන්නෙ aperture, shutter speed සහ ISO control කරන්න අපිට පුලුවන් වෙන්න ඕනෙ.

  2. Lens: මේකට wide angle lens එකක් වඩාත් සුදුසුයි. Wide aperture (f 2.8 වගේ) එකක් තියෙන්න lens එකක් තියෙනවනම් වැඩේ ලේසි වෙනව. Kit lens එකකින් උනත් මේ වැඩේ කරන්න පුලුවන් ටිකක් මහන්සි උනොත්.

  3. Tripod: මේකනම් ඉතින් අනිවාර්ය දෙයක්. Long exposure එකකට යන නිසා camera ව නොසෙල්වී තියන්න Tripod එක උදවු වෙනව.

  4. Shutter release remote: මේක long exposure එකක් නිසා shutter එක අතින් press කරද්දී camera shake එකක් එනවා. ඒක නැති කරන්න external shutter release එකක් use කරන්න.

# 3 Settings:

  1. Mode: Camera ව manual mode තබාගන්න.

  2. Image format: RAW- Astro වලදි Raw Shoot කිරීම post process එකේදි වාසි වෙනව.

  3. Aperture: ඔයාගෙ lens එකේ wide ම aperture එකට open කරන්න. උදා: f 4, f2.8

  4. Image stabilization features: camera ව tripod එකේ steady තියෙන නිසා image stabilization features (IS / VR) off කරන්න මතක තියා ගන්න.

  5. Noise reduction settings: Long exposure noise reduction off කරන්න.

  6. ISO: මේක පවතින ආලෝකය වගේ දේවල් මත depend වෙනව. 1600-3200 වගේ range එකක් බොහෝවිට Astro වලට use කරනව. නමුත් අහසෙ තියෙන තරු විවිධ වර්ණයෙන් යුතුයි. මේ වර්ණයන් ඔයාගෙ trails වල රඳවා ගන්න නම් ISO 1000 ට අඩුවෙන් තබා ගන්න උත්සහ කරන්න.

  7. Drive mode: මේක continuous drive mode එකේ තියන්න. මොකද, shots අතර gap එක වැඩි උනොත් star trails වල gap එකක් හිටිනවා. 

මම කලින් කියුවා වගේ අපි මේ වැඩේට හොඳට ලෑස්ති ​​වෙන්න වෙනව. ඒ නිසා මේව ගැනත් හිතන්න.

  1. Fully Charged battery & Extra batteries

  2. Capacity වැඩි memory card එකක්.

  3. Head lamp: මේ වැඩේ කරන්න වෙන්නෙ අඳුරේ නිසා ඔයාට set up එකට ඔනෙ ආලෝකය ගන්න මේක උපකාරි වෙයි.

  4. Flash lights: foreground එක light paint කරන්න, Milky way එකට beam එකක් direct කරන්න වගේ creative වැඩ වලට මේව use කරන්න පුලුවන්.

  5. Lens condensation: පාන්දර දැඩි සීතල එක්ක lens එක fog වෙන්න බලනව. Lens එක condense වෙන්නේ නැතිවෙන්න කරන්න පුළුවන් දේවල් දැනගන්න මේ Link එකෙන්. How to prevent Lens condensation in Astro- photography- සිංහලෙන්

  6. Warm cloths, gloves: රෑ සහ පාන්දර දැඩි සීතලට ලෑස්ති ​​වෙලා යන්න අමතක කරන්න එපා! පොඩි chat එකක් දා ගන්න යාලුවෙක් එක්ක යනවානම් තවත් හොඳයි.

#4 Technique:

1. Focus:
මේකට camera එක live mode දාල, දීප්තිමත් තරුවක් Focus magnify කරල Manual focus කරගන්න තරුව sharp dot එකක් වෙන්න.

 

2. Frame එකයි composition එකයි හදා ගන්න:

Star trail photo ගද්දි interesting foreground එකක් include කරන්න උත්සහ ගන්න ඕනෙ. ඉතින් මේක කලුවරේ compose කරන්නෙ කොහොමද?

  • හොඳ torch එලියක් use කරල foreground එක illuminate කර ගන්න compose කරන්න.

  • ඔයාගෙ vehicle එක ලඟ තියෙනවනම් head lights use කරල compose කරගන්නත් පුලුවන්.

  • ISO වැඩියෙන් up කරල test shots ගහල බලන්න පුලුවන් composition එක.


3. Exposure time:
අපිට technique දෙකක් පාවිච්චි කරන්න පුලුවන්.

Method #1: Stacking multiple shots:

High quality image එකක් ගන්න නම් මේක තමයි හොඳම option එක.

මෙතැනදී අපි images කීපයක් අරගෙන post processing වලදි stack කරනව. එමගින් noise අඩු හොඳ output එකක් ගන්න පුළුවන් වෙනවා. 

Sample settings:

  • Aperture: full open කරන්න. (උදා: f2.8)

  • ISO 640-1600 වගේ range එකක් ගොඩක් වෙලාවට star trails වලට හරි යනව. ISO වැඩි වෙනකොට noise වැඩි වෙලා image quality drop වෙනව. ඒ වගේම මම කලින් කියුව වගේ ISO 1000 අඩුවෙන් තියා ගන්න බලන්න stars වල colors ඔයාගේ image එකේ රඳවා ගන්න නම්.

  • Exposure time: 20-30s. 

  • Number of shots: shots ගාන වැඩි වෙන කොට long star trails create කරන්න පුලුවන්. Quality long trail image එකකට shots 300 හෝ වැඩි ප්‍රමාණයක් සාමනයෙන් අවශ්‍යයි. Short trail image එකකට shots 50 වත් ගන්න අමතක කරන්න එපා.

Foreground images:

Foreground වෙනම expose කරල capture කර ගන්න. ඒකෙ details එන විදිහට. ඒ සඳහා ලා සඳ එලිය උදවු කර ගන්න පූලුවන්. Morning blue hour එකේදී capture කරන්නත් පුලුවන්. නැත්නම් ඔබට light paint කරන්න උත්සහ කරන්නත් පුලුවන්.

Dark Frames: 

මේක අපිට post processing වලදී වටිනවා. Long exposure එකේදී sensor එක රත් වීම නිසා thermal noise add වෙනවා. මේවා hot pixels ලෙස මතු වෙනවා. මේක editing වලදී software එක dark frame subtraction මගින් පාලනය කරනවා. ඒ නිසා shoot එක අතරතුර dark frame කීපයක් ගන්නත් අමතක කරන්න එපා. මෙතැනදී අපි shoot කරන settings වලම සහ temperature එකේම , හැබැයි lens cap එක දාල capture කරන්න. Light frames 100 කට dark frames 3-4 විතර ගන්න.

 

Method #2: Single long exposure:

මේ method එක මම personally practice කරන්නෙ නම් නෑ. Image quality කලින් method එකේ තරම් හොඳ නෑ. ඒවගේම අපි single long exposure එකකට යන නිසා වැරද්දක් උනොත් මුළු කාලයම අපතේ යන්න පුළුවන්. 

ලොකුම aperture එකෙන් පටන් ගන්න.

ISO වැඩි කරලා ටිකක් අඩු shutter speed එකක් දාල test shot කීපයක් ගහල බලන්න හරි exposure එක එනකම්. ඊටපස්සේ ISO 100 වලට අඩුකරගන්න ඕනේ. මෙතැනදී අවශ්‍ය shutter speed එක සොයාගන්න පහත ක්‍රමය භාවිතා කරන්න.

ISO 50% අඩු වන සෑම අවස්ථාවකදීම shutter එක double කරන්න.

උදා:
ISO 6400 වලදී 6 second exposure එකක් අවශ්‍ය වුනානම්, ISO 100 වලදී 6 minutes exposure එකක් අවශ්‍ය වෙයි.

මේක rule එකක් විදියට මෙහෙම කියන්න පුළුවන්:

seconds at ISO 6400 = minutes at ISO 100.

ඊළඟට aperture එක step down කරලා exposure time එක තව වැඩි කරගන්න. Aperture එකේ සෑම standard step down එකකටම exposure time එක double කරන්න.

මේ method එක use කරනවානම් long exposure noise reduction feature එක on කරගන්න.

ඔය steps පාවිච්චි කරල star trail images ගන්න උනන්දු අයට පුලුවන් හොඳ images ගන්න.

ඉතින් මේ images stack කරලා star trail image එකක් හදාගන්නේ කොහොමද කියල ඊළඟ post එකෙන් බලාපොරොත්තු වෙන්න .

 

මේ post එක useful නම් comment කරල share කරන්න.

Facebook සහ Instagram page වලට Like/Follow කරන්නත් අමතක කරන්න එපා.

 


Add comment

Comments

Chanaka Jayawardena
a year ago

Really useful post...Thank you.

Manitha perera
a year ago

Thank you 🙏

Bandu Gunaratne
a year ago

This is an excellent explanation Manitha. Thank you for sharing your knowledge

Manitha perera
a year ago

Thanks for the appreciation.

Cecil Perera
a year ago

Very informative post. Thank you.

Manitha perera
a year ago

Thanks a lot

athula ranaraja
a year ago

very good explanation Manitha..weldn.. I shear this in Pixale.lk group.

Manitha perera
a year ago

Thank you please feel free to share.