Tips for Black & White Photography- (සිංහලෙන්)

Published on 25 April 2020 at 20:38

මේගැන කාලයක් තිස්සේ ඉඳන් ලියන්න හිතුනත් වෙලාවක් හම්බුනේ නෑ. දැන් ඉතින් Lock Down එකත් එක්ක ඒකට පොඩි වෙලාවක් ලැබුනා. 

Black and White කියන්නේ Post processing වැඩක් නෙමෙයි:

මේක තමයි මුලින්ම දැනගන්න ඕනේ. ගොඩක් අය හිතන් ඉන්නවා black and white කියන්නේ post processing වලදී පටන්ගන්න වැඩක් කියල. ඇත්තටම black & white art එක පටන්ගන්නේ ඔයා shoot කරන කොටමයි. සරලව කිව්වොත් B & W කියන්නේ color පින්තුරයක් B & W convert කරනවට වඩා දුර ගිය දෙයක්. එහෙමනම් B & W කරන්න හිතනවානම් shoot එකේදීම ඒගැන සැලකිලිමත් වෙන්න. තව දෙයක් තමයි B & W වලදී ඔයාට ගොඩක් colors නැහැ play කරන්න. එහෙමනම් අපි කොහොමද photo එක interesting කරගන්නේ ? ඒකට මම පොඩි points ටිකක් කියන්නම්.

#1 Lighting:

B & W photography වලදී ඔයාට use කරන්න පුළුවන් හොඳම strength එකක් තමයි lighting. Field එකේදී පැවතින ආලෝකය ගැන හොඳ අවධානයෙන් ඉන්න. Intensity වගේම Direction එක ගැනත් හොඳට හිතන්න. Lighting මම ඊළඟට කියන්න දේවල් වලට සෑහෙන්න වැදගත්.

#2 Highlights & Shadows:

මේකට තමයි පළවෙනියටම Lighting ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද highlights overexpose කරගත්තොත් photo එක වැඩක් නැතිවෙනවා. ඒකනිසා shoot කරනකොට histogram එක ගැනත් සැලකිලිමත් වෙන්න. Composition එකේදී ඔයාගේ human element එක highlight එකට එනවිදියට ගන්න බලන්න. මේක spot light effect එකක් දෙන නිසා interest එක වැඩියි .

අනිත් දේ නම් shadows වලට බයවෙන්න එපා. Shadows ඔයාට artistically use කරන්න පුළුවන් composition එකේදී. ඒක pitch black වෙන්නත් පුළුවන්. Highlights and shadows ඔයාට contrast එක දෙනවා. පල්ලෙහා තියෙන්නේ highlights and shadows high contrast විදියට use කරලා ගත්ත images කීපයක්.

 

 

#3 Contrast:

මේකත් සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක්. තද රතු ඇදපු කෙනෙක් තද කොළ බිත්තියක් ඉස්සරහින් ගියා කියමුකෝ. Color පින්තුරෙකේදී subject එක background හොඳට වෙන්වෙලා පේනවා. හැබැයි B & W වුනාම මේ පාට දෙකම කළු පැහැයේ ප්‍රබේද වෙනවා. එතකොට ඔයාගේ subject එකට ඇහැ යන්නේ නෑ. එක තමයි මම කිව්වේ B & W shoot එක වෙලාවේදීම decide වෙන දෙයක්. එහෙමනම් shot එක ගන්නකොට මේ ගැනත් හිතන්න. එහෙමනම් අපි හැම තිස්සෙම කලූ මත සුදුත්, සුදු මත කළුත් overlap වෙන්න shoot කරන්න try කරන්න ඕනේ.

මේක teaching shot එකක්. (හැබැයි street එකේ අහම්බෙන් දැක්ක දෙයක්). මේ subject එක සුදු trouser එකක් හරි කළු/තද පැහැති jacket එකක් එක්ක හිටියනම් මේ පින්තුරේ තියෙන contrast එක නෑ.

පහත හැම පින්තුරෙකෙදීම contrasting subject එකක් තෝරාගන්න කල්පනාකාරී වෙලා තියෙනවා.

 

#4 Negative space:

Negative space කියන්නේ ඔයාගේ main subject/positive space එක වටේ පින්තුරේ තියෙන අනිත් space එක. මේක අපිට minimalistic effect එකක් ගන්න use කරන්න පුලුවන් හොඳ tool එකක්. ගොඩක් වෙලාවට අපිට අපේ shadows black negative space එකක් විදියට use කරන්න පුළුවන්. මේ මගින් interesting minimalistic photo එකක් create කරන්න පුළුවන්. Minimalism mood එක වගේම හිතන්න යමක් පින්තුරයේ ඇතිකරනවා.

ඉහත images වල කළු වගේම සුදු පැහැයත් negative space ලෙස යොදාගෙන තියෙනවා.

#5 Silhouettes:

Silhouettes කියන්නේ B & W වලට ආවේනික technique එකක් නම් නෙමෙයි. හැබැයි B & W වලදී silhouettes වලට ගොඩක් වටිනාකමක් තියෙනවා. Highlights ඇතුලේ තියෙන human elements silhouettes විදියට අපිට shoot කරන්න පුළුවන්. 

Silhouettes වල තියෙන තව වාසියක් තමයි Curiosity gap එක. මේකෙදී වෙන්නේ අපේ subject එකේ මුහුණ හඳුනා ගැනීමට අපහසු වීමත් සමග යම්කිසි කුතුහලයක් ( curiosity Gap) පින්තුරය තුල ජනිත වීම. මේක බලන්නාට සිතන්නට යමක් ඉතුරු කරනවා.

#6 Geometry, Shapes & Lines:

හැම තිස්සෙම ඔයාගේ වටේ තියෙන හැඩ තල (Geometry, shapes & lines) ගැන සැලකිලිමත් වෙන්න. මොකද මේවට Black & White වලදී ඇහැ යනවා වැඩියි. ඒක නිසා ඔයාගේ location එකේ තියෙන shapes, lines & architectural backdrops පින්තූරෙට එකතු කරගන්න බලන්න. මේවා පින්තුරේට interest එකක් ගේනවා විතරක් නෙමෙයි, scale එක පිළිබඳ අදහසක් බලන්නාට ලබාදෙනවා.

 

 

#7 'Fishing ' :

මේක shooting style එකක්. B & W වලදී මේක වඩාත් වැදගත් වෙනවා කිව්වොත් නිවැරදියි. මෙතනදී වෙන්නේ අපි Frame එක කලින් හඳුනාගන්නවා. ඉන්පසුව අපි interesting subject එකක් frame එකට එනකන් wait කරනවා. ඒක හින්ද මේකට 'fishing ' කියලත් කියනවා. Interesting highlight /shadows තියෙන frame එකක් දැක්කොත් මම මේක නිතර උපයෝගී කරගන්නවා.

Post process:

ඉතින් මේක තමයි අන්තිම දේ. Editing මේ post එකේ topic එකෙන් එලියෙ දෙයක්. මම ඒගැන මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මෙතැනදී ඔයාට ඔයාගේ highlights shadows enhance කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි ඔයා ඒවා field එකේම capture කරන් එන එක, software එකක contrast slider එක ඇදල කවදාවත් ගන්න බෑ. ඒක නිසා මම කලින් කියල තියෙන දේවල් වලට field එකේදිම attention දෙන්න.

Post එක useful නම් Comment එකක් දාල  Share  කරන්න. තවත් Post එකකින් හම්බවෙමු.

Facebook page එකයි Instagram page එකයි like කරන්න අමතක කරන්න එපා.

Happy Clicking !

 


 »

Add comment

Comments

Sithmi
2 years ago

Interesting. Keep up.

manitha perera
2 years ago

Thank you

Ro
2 years ago

An excellent article focused on Sri Lankan photographers interested in polishing their black and white photography.

manitha perera
2 years ago

Thank you

Kushpika
2 years ago

සතුටුයි. ඒත් උදව්වක ඔන උනොත් කිහන්න.

manitha perera
2 years ago

Thank you malli. 👍

athula
2 years ago

good work.keep it up dear.
I shear this.

manitha perera
2 years ago

Thank you Athula. Please feel free to share.

Bernard Paranagama
2 years ago

Excellent explanation !

manitha perera
2 years ago

Thank you

Sindoopa Seneviratne
2 years ago

This is superb. I really like the perspective you use in photography

manitha perera
2 years ago

Thanks for the appreciation.

Thilakshi Weerakoon
2 years ago

Valuble.thanks

manitha perera
2 years ago

Thank you

Shermila
2 years ago

Valuable B n W photography tips from a Highly talented award winning photographer.
Congratulations and good luck !