How to prevent Lens condensation in Astro- photography- සිංහලෙන්

Published on 2 May 2020 at 22:21

Star trails හරි time lapse හරි කරන වෙලාවට lens එක condense වෙන එක අපි හැමෝම මුණ දීපු ප්‍රශ්නයක්. මේ නිසා අපේ පැය ගානක මහන්සිය වතුරේ යන්න පුළුවන්. එහෙමනම් අපි කොහොමද මේක වලක්වා ගන්නේ ?

මොකක්ද Lens condensation / Fog කියන්නේ?

මෙතැනදී වෙන්නේ අපේ Lens එක, වටේ තියෙන වාතයට වඩා සීතල වීමයි. එවිට lens glass එක ළඟ තියෙන වාතයේ ඇති ජල වාෂ්ප වතුර බින්දු බවට condense වෙලා lens එක මත තැම්පත් වෙනවා.

මේක අපිට බලපාන්නේ කොහොමද?

Lens එක time lapse/ star trail එකකදී condense උනොත් image එක blur වෙනවා. එතකොට අපේ shots පාවිච්චියට ගන්න බැරි වෙනවා. ඉතින් අපි ගොඩක් මහන්සි වෙලා shot එකක් ගන්න ගිහිල්ල මෙහෙම උනාම මහන්සිය වතුරේ. Lens condensation වලට හොඳම පිළිතුර ඒක වලක්වා ගැනීමයි. මොකද Lens එකක් condense උනොත් සමහර විට පැය ගානකට හරි යන්නේ නෑ.

මේ පින්තුරේ condensation නිසා සිදුවී ඇති පාඩුව බලන්න.

ඉතින් මේකට මම පොඩි විසඳුම් දෙකක් කියන්නම්.

 

#1 Seal Bags:

 

මෙතැනදී වෙන්නේ camera ව එකවර උෂ්ණත්ව වෙනසකට ලක් වීම වලක්වා ගැනීමයි. ඔයා location එකට යනකොට lens සහ body එක වෙන වෙනම Zipper bag වල දාලා, පුළුවන් තරම් වාතය එලියට දාලා seal කරගෙන යන්න. (Zipper Bags නැත්නම් පොලිතින් Bag එකක් අරගෙන හොඳට seal වෙන්න වහන්නත් පුළුවන්.) ගිහින් location එකේ 30 min - 1 hour තියෙන්න අරින්න use කරන්න කලින්. මේ විදියට එකවර උෂ්ණත්ව වෙනසකට lens එක ලක් වීම වලක්වා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා location එකට ගියපු ගමන් lens එක condense වෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා.

 

#2 Hand Warmers:

Location එකේ shoot එක යන වෙලාවට lens condense වෙන එක නවත්ත ගන්න මේක useful. Hand warmers rubber band එකකින් Lens එකටයි, body එකටයි තියල හයි කරගන්න. මෙමගින් lens එක warm තියෙන්න නිසා condense වීම සැහෙන්න අඩු වෙනවා.

(ඔයාගේ extra Battery මේ විදියට warm කරලා තියාගත්තොත් capacity වැඩි වෙනවා...)

 

ඉතින් මේ ක්‍රම පාවිච්චි කලොත් ඔයාටත් lens condensation මග හැර ගන්න පුළුවන් වෙයි.

Post එක useful කියල හිතුනනම් comment එකක් දාල share කරන්න.

Facebook සහ Instagram Page වලට Like කරන්නත් අමතක කරන්න එපා.


Add comment

Comments

There are no comments yet.